අපි බලමු AUD/USD මුදල් කාන්ඩයේ Chart එකක් Open කරල Market Watch එකේ AUD/USD කියල තියෙන තැන Right Click කරල ටිකක් පහලට වෙන්න ඇති Chart Window කියල තැනක් එතන ක්ලික් කලාම Chart එක Open වෙයි දැන් ඔය Chart එකේ දකුනු පැත්තෙ උඩම Maximize ලකුන උඩ ක්ලික් කරල ලොකු කර ගන්න අපිට ඔන විදියකට මේ Chart එක වෙනස් කරගන්න පුළුවන් ඉහලින් දාපු Screen Shot එකේ අංක 2 ඊතලෙන් පෙන්නල තියෙන තැනින් Chart එක විවිද කාල පරාස වලට මාරු කරගන්න පුළුවන් ඒකෙ විනාඩි 1 ,5 ,15 පැය 1 පැය 4 සති මාස ඔය විදියට ඕනැම කාල පරාසයකට මාරු කරගන්න පුළුවන් අදුනික අයටනම් දුදුසුම පැය 1 කාල පරාසය තමයි දැනට විනාඩි 15 කාල පරාසයට හදාගන්න අංක 3න් පෙන්නල තියෙන තැන ක්ලික් කරල Chart එක අවශ්‍ය ප්‍රමානයට ලොකුකර ගන්න අංක 4 තැන ක්ලික් කරල Chart එක Candlesticks ක්‍රමයට හදා ගන්න එක පහසුයි ඔය Candlesticks වල පාට එහෙමත් වෙනස් කරගන්න පුළුවන් F8 ඔබල දැනට සම්මත සැකසුමේ තියෙන්න අරින්න ඔබට අවශ්‍යනම් පසුව වෙනසකරගන්න දැන් ඔබ හොදට බලන්න ඔය Chart එක දිහා පේනව නේද Candlesticks උඩට පහලට ගිහිල්ල තියෙනවා Forex Market එකේ විවිද අවස්තාවල AUD/USD මුදල් කාන්ඩය ඉහලට පහලට ගියපු අවස්ථා තමයි ඒ තියෙන්නෙඅපි විනාඩි 15 Time Frame එකට Chart එක හදපු නිසා ඔය Candlesticks එකකින් විනාඩි 15ක් පෙන්නනව AUD/USD මුදල් කාන්ඩයෙන් අපි ගනුදිනුවක් දාමු ගනුදිනුවක් දානවට කියන්නෙ Trade එකක් Open කරනව කියල කොහොමද මේ AUD/USD මුදල් කාන්ඩයෙන් Trade එකක් Open කලාම අපිට ලාබ ලැබෙන්නෙ පහල පින්තූරය බලන්න එතකො ඔබට අදහසක් ගන්න පුළුව්න වෙයි
ඉහල පින්තූරෙ තියෙන විදියට Forex Market එකේ වෙන්නෙ මොකක්ද කියල ඔබට තේරෙන්න ඇති AUD පහල යනකොට USD ඉහල යනව AUD ඉහල යනකොට USD පහල යනව අනිත් මුදල් කාන්ඩ වලටත් මේ දේමයි සිද්ද වෙන්නෙ ඒක නිසා අපිට Market එක ඉහල ගියත් පහල ගියත් ලාබ ගන්න පුළුවන් ඒ කොහොමද කියල අපි Trade එකක් Open කරලම බලමු Trade එකක් Open කරන්න ක්‍රම 4ක් තියෙනව දැනට ක්‍රම දෙකක් කියල දෙන්නම් MT4 එකේ උඩම New Order කියන තැන ක්ලික් කරන්න F9 ඔබලත් පුළුවන් ඔය දෙකෙන් එකක් කලාම මේ පහල තීන වගේ එකක් එවි
Market එක පහලට යනව කියල හිතල Trade එකක් Open කරමු උඩ කියල දුන්න එකේ අනිත් පැත්ත තමයි මේක Symbol කියන තැනට ඉහත කියල දුන්න විදියට තමයි දෙන්න ඕන Volume එක ඉහත කියල දුන්න විදියට දෙන්න Stop Loss එක 0.9301 කියල දෙන්න අපි Market එක පහලට යනව කියල හිතලනේ Trade එක Open කරන්නෙ අපිට පාඩු වෙන්නෙ ඉහලට ගියොත්නේ Take Profit එක 0.9261 කියල දෙන්න Market එක පහලට එනකොටනෙ අපිට ලාබ Comment මුකුත් අවශ්‍ය නෑ Type කියන තැනට Instant Execution කියල දෙන්න දැන් ඔය යට රතුපාටින් Sell කියන තැන ක්ලික් කරන්න Stop Loss තියනකොට Pips 30 හෝ 35 දුරින් තියන්න
Trade එකක් Close කරන්න පුරුදු වෙමු
Stop Loss Take Profit නොතිය උනත් අපිට Trade Open කරන්න පුළුව්න එතකොට ඉතින් දාපු Trade එක ගැන නිතරම හොයල බලන්න වෙනව ලාබද පාඩුද කියල හරි අපි බලමු Stop Loss Take Profit නොතිය දාපු Trade එකක් Close කරන හැටි පොස්ට් එකේ මම මුලින්ම MT4 එකේ Screen Shot එකක් දැම්මනේ එකෙ අංක 5න් පෙන්නන තැන තමයි ඔබ දාන Order එක පෙන්නන්නෙ පෙන්නන් නැතිනම් MT4 එකේ උඩම View කියන තැන ක්ලික් කරල පහලට වෙන්න Terminal කියල තැනක් ඇති එතන ක්ලික් කරන්න දැන් අර අංක පහෙන් පහෙන් පෙන්නපු ඔබ දාපු Order එකෙ දකුණු පැත්තෙ කොනේම pips එකක් වෙනස් වීමේදී ඔබට සිදුවන ලාබය හෝ පාඩුව පෙන්නනව ඔබ දාපු Trade එකේ Volume එක 0.10 දාපු නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 1USD වෙනව Volume එක 0.20 දැම්මොත් ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 2USD වෙනව Real Account වලට ගියාම Volume එක 0.01න් Trade කරන නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 0.10USD වෙනව රුපියල් වලින්නම් රු 13ක් විතර pips10ක් ලාබ ගත්තොත් ලාබය රුපියල් වලින් රු130 පමන වෙනව දවසට pips50ක් ලාබ ගත්ත කියන්නෙ ගොඩ තමයි හරි දැන් අපි Trade එක Close කරමු අර MT4 එකේ Screen Shot එකේ අංක 5න් පෙන්නන ඔබ දාපු Trade එකේ දකුණු පැත්තෙ කොනේම x ලකුනකු ඇති එතන ක්ලික් කරන්න එතකොට මේ වගේ එකක් ඒවි
ok කියන තැන ක්ලික් කරන්න ඔන්න ඔහොම තමයි Order එකක් Close කරන්නෙ මේ වගෙ වෙනත් මුදල් කාන්ඩ වර්ග වලිනුත් Order දාන්න Close කරන්න හොදට පුරුදු වෙන්න Real Account වලට ගියාට පස්සෙනම් මුදල් කාන්ඩ වර්ග එකක් හෝ දෙකකට වඩා වැඩියෙන් භාවිතා කරන්න හොද නෑ එහෙනම් ඊලග පොස්ට් එකෙන් හමුවෙමු
ඔබට ජය!